À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 |

A+ A-

      ” මගෙ පුතා…. කෝ එන්න.. ”

පොඩි එකා හිටියෙ කිඹුලත් අතකින් එල්ලගෙන නෙලුම් පැලේ පොහොට්ටුව දිහා බලන්…

  ගෙනාවෙම මල් පිටින්.. ඒක ලස්සන සියාම් සියපත් වර්ගයක්.. ගාණ මට කියන්නෑ මිනිහා බැනුම් අහන්න වෙන හින්දා.. ඒත් ඒකෙ හැටියටනම් එසේමෙසේ ගාණක් නෙවෙයි කියන්න මම දන්නවා.

     සාරිගප්පි දෙකතුනක් අයියා ඒකට දාල තිබුණා මදුරුවො බෝ වෙනවට. කොල්ලා නෙලුම් පැළෙයි සාරිගප්පියි ටික අස්සෙමයි දවල් තිස්සට. දවල් බත් කෑවෙත් ඒක දිහා බලාගෙන. මල පිපෙනකල් උට ඉවසිල්ලක් නැත්තෙ. පරණ මල මූ ගෙනාව දවසෙම කැඩුවා දගලලා..

    මොනර පැටියා වගේම මමත් ආස ගොඩ මල් වලට වඩා වතුරෙ පිපෙන මල්වලට. මම දන්නෙ නෑ.. ඒව වතුරෙම පිපෙන එක මටත් පොඩිකාලෙ ඉදල මහ පුදුමයක්. ඒ වගේම වතුර දාල පරිස්සම් කරන්න ඕන හින්දද මංදා… මලක් පිපෙද්දි මාරම සතුටක් ගෙනාවා ඕලු නෙලුම් මානෙල් මල්…

   ඒවගෙ සුවදත් මදාරා පරසතු වගේ දැනෙන්නෙ ඒව මායාවල්වලින් උපන්න මල් වගේ පොඩිකාලෙ ඉදන්ම දැනුන හින්දා..

   පුංචි වතුර වලක් වතුර යට පනගැහෙන ලෝකයක් වෙද්දි.. තිත්ත සාරිගප්පි පැට්ටොන්ට ඒ මල් ලොකු වහලක් වෙද්දි.. වතුර වැටුණත් ඒ මාලු නොතෙමෙද්දි… ඒව පුංචි හිත්වලට මහ අමුතු දේවල්..

   මං පුංචි නොවුණට මං තාමත් ඒ පුංචි දේවල් දිහා බලන් මොනර පැටියා වගේම සතුටක් ලැබුවා.. නොකිව්වට.

      කොල්ලා කන්කෙදිරි ගෑවෙ අයියා දෙවනි පාරත් කතා කරපු හින්දා. මං එක්ක වගේ නෙවෙයි අයියා එක්ක. තුන්වෙනි පාරක් කතා කරන්න වුනොත් අයියා සැර වෙනවා ඩිංගක්. එහෙම නැතුවත් බෑ නෙ. දැන් ලොකු බබෙක්… හුරතල් කරලම හරියන්නෙත් නෑ වැඩිහිටියන්ට ගරු කරන්න උගන්නන්න ඕන.

    ” අනේ අලයා මත ඔයා එක්ක ඉන්න තෙන්නෙත් නෑ නෙ.. ” මූ නෙලුම් පොහොට්ටුවට කිව්වෙ රහසින්.. ඊටපස්සෙ පොහොට්ටුව ලඟට ඇදල අරන් හාද්දක් දුන්නා.

    ” තූති අයියා ඉක්කන්ත එන්නාම්.. ඔයා තූචි උරටල් බබෙක් නෙ… ඒ වුණාත.. මේ තෝත ගස් මාමි ඔයාව හොදත බලාගයි… බයනැතුව ඉන්න… එයාගෙ තැලම තැල කතු තියෙන හින්දා… ඩක්කු බයම බයයි.. කුලිමිනි මාමලත් බයයි මෙතෙන්ට එන්න… දෝත ගත් මාමි.. ඔයා මගෙ නෙලුම් බබාව හොදට බලාගන්නවා නේද? ඔව් කියන්න- “

    ” මායුර්!.. ඔයා එනවද මං එන්නද? ”

    කොල්ලා දන්නෑ මම පිටිපස්සෙ හිටගෙන ඉන්නවා කියන්න. මේ කෝලම් බල බල මං අත් බැඳගෙන හිටියෙ මං ඉන්නවා කියල දන්නවනං එයාගෙ රහස් නෙලුම් බබාට කියන්නෑ කියල දන්න හින්දා..

        අයියා මිදුලෙ ඉදන් කෑගැහුවම කොල්ලට මළම පැන්නා.. යටිගිරියෙන් කෑගහල උත්තර දුන්නෙ.. නටහන්කො.. චුට්ටක් ලොකු වෙද්දි උබට හම්බෙයි ඕවටත් එක්ක අල්ලලා….

     ” අනේ එනවා කියල තැලයක් කිව්වනෙ! à·„à·„à·Š! ”

    ” සද්දෙ නං බොහොම වැඩී මායූර්..! ”

    ” තද්දෙ වැදී තමයි! මං මොලල පැතියෙක් ජිලාප් පැතියෙක් නෙවේනෙ! à·„à·„à·Š!..  එනවා මෙතන! ඔයා ඩොකුම ඩොකු තදි යෝතයෙක් වෙලා තාත්ති බය වුනාත.. මේ මොලල පැතියා ඊතවදා තැලම තැලයි!! ”

       ” මූ.. යකෝ.. ” අයියා දිව යටින් කියාගෙන ලඟට එද්දි කොල්ලා හැරිලා කෑගහගෙන දුවන්න ගත්තා. පිටිපස්සෙ ඉදපු මං අල්ලගනී කියල කොල්ලා හිතුවෙ නෑ. මං උස්සල වඩාගත්තම කොල්ලා මගෙ අත්වල දගල දගල බෙරිහන් දීල බැරිම තැන අඩන්න වුණේ අයියා ලඟටම ආව හින්දා..

        ” අඩලා… අඩලා බේරෙන්න.. අඩලා බේරෙන්න!.. ” අයියා කොල්ලව මගෙ අත්වලින් උදුරල අරන් පස්සට අතින් නොරිද්දෙන්න පාර දෙකක් ගැහුවම කොල්ලා කෑගගහා අඩන්න ගත්තෙ රිදුන හින්දා නෙවෙයි බය වුණ හින්දා වෙන්නැති.. අයියා හයියෙන් හිනා වෙවී කොල්ලව බොරුවට විසි කරන්න වගේ කරකවලා පපුවට තුරුල් කරන් මුලු මූණම ඉඹගෙන ඉඹගෙන ගියා..

       ” අනේ පව් අප්පා.. සැර මොලල පැතියා… මෙන්න සැර ටික!… ”

     ” ඔහ්… ඔ…යා නෝහ්ති..! ” කොල්ලා අයියගෙ බෙල්ල අස්සෙ මූණ ගහගෙන ඇස් පිහදගන්න ගත්තෙ අයියා ගහන්නෙ නෑ කියල ශුවර් කරගෙන.. ඇගිල්ලක් කටේ ගහගෙන උරන්න ගද්දි අයියා ඒ ඇගිල්ල එලියට අරන් කමිසෙන් පිහදැම්මා..

    ” ඇගිලි උරන්නෙ චූටි බබාල.. මායු දැන් ලොකුයි.. ”

     ” ඒ වුනාත.. ඉලෙනවනෙ.. ”

    ” ඇගිලි ඉරුවම බන්ඩියෙ පනුවො හැදෙනවා.. ඇගිලිවල එල්ලිල බන්ඩියට ගිහින්.. ”

    ” තාත්ති බොලු නේද?..”

   ” ඇත්ත පුතා.. ඔයා ඔය තියෙන හැම ජරාවම අල්ලනවා… ඊටපස්සෙ කටේ ඇගිලි ගැහුවම විශබීජ නෙ.. ” මං එහෙම කිව්වම කොල්ලා තොල් දෙක පිහගත්තා අත් දෙකෙන්ම…

      ” යං.. අපි පහන තියන්න මල් කඩමු.. ”

    ” තාත්ති කිව්වා… මල් කදන්නේ කැත බබාල කියල… ”

    ” එහෙනං ඊයෙ ඔයා තාත්තිගෙ බර්ත්ඩේ කේක් එක ඩෙකරේට් කරන්න මල් කඩලා තිබුණෙ.. ”

    ” එදා තමයි තාත්ති කිව්වෙ.. ”

   ” ආහ්.. ඒ මල් කඩලා නාස්ති කරන්න එපා කියල කියන්නැති.. අපි මේ මල් කඩන්නෙ.. බුදු සාදුට සාදු තියන්නනෙ… ”

     ” එතකොත… මං කැත බබෙක් වෙන්නෙ නැද්ද?.. ”

    ” නෑ.. අපි යංකො.. මං ඔයාට… ” අයියා කොල්ලව බිම තියලා… ඒ ගානට නැවිලා…. අතින් අල්ලන් හෙන්දිරික්කා යාය දිහාට එක්කරගෙන ගියා.. ” සාදු කියන මල් වර්ග ගැන කියා දෙන්න.. ”

     ” එතකොත.. නෙලුම් බබාවත් දෙන්න වෙනවද?… ”

    ” ඔයා කැමතිනම් ….. ”

    ” අනේ…. මං ආතම නෙලුම් බබාත.. ”

     ” එහෙනම් ඊලඟට එන නෙලුම් බබෙක් දෙමුකො.. අදට හෙන්දිරික්කා බබාල ඇති.. ”

      ” එතනොත… ” පොඩි එකා ටිකක් කල්පනා කරා.. ” අල බබාල බුතුතාදුත දෙන්න ඕනද?”

     ” ඒ බටු මල් නෙ.. ඒව පූජා කරන්නෙ නෑ සුදුමහත්තයො.. ”

    ” බතුමල්?….. බතු කියන්නෙ දෙඩි නෙවේද අපත්ති? ”

     ” ගෙඩි වෙන්නෙ මල් පරාගනය වෙලානෙ සුදුමහත්තයා.. ”

    ” පලගානය? ”

   මං ගිහින් කොල්ලගෙ කොන්ඩෙ ඇවිස්සුවා… එසේමෙසේ කේන්තියක් නෙවෙයි දැන් මුට යන්නෙ. අප්පච්චිගෙ හයිය අරන් නෙ.. මට රවද්දි මං කන් දෙක අල්ලන් නැවිල කොල්ලගෙ ඔලුවට හාද්දක් දුන්නා.. ඒකටත් මුට කේන්ති ගියා කියාංකො.

   ” චුක්! ඕන්නැති වැද කලලා… මොලල පැතියගෙන් ගුති කන්න ඉතිලද?! ”

      ” චුක්?.. ” මං කොල්ලව උස්සල කරකවල කරකවල බිම තිබ්බෙ.. කොල්ලා දෙපාරක් කැරකෙද්දි අයියා අල්ලගත්තා.. ” පන්ඩිත වැඩී දැන්.. ”

   ” මෙයා මත කැලකිල්ල කලා අපත්ති! තාත්ති මහ නෝතියෙක් දැන්! ”

      ” තාත්තිගෙ නෝටි කං අප්පච්චි ඇරල ගන්නං සුදුමාත්තයා.. තාත්ති, ඔයාට සිංහල තේරෙන්නැද්ද? මායු මේ පන්සිල් සමාදන් වෙන්න යන්නෙ. ඒකට බාධ කරලා ඔයා අපායෙ යන්නකො.. අපිට නං බෑ හොයන්න එන්න… නැද්ද මායු? “

   ” මතනම් බෑ අපායෙ ඉන්න! එහෙ.. කතත මේම මේම උනුජෝ දානවලු! ”

  ” අනේ… මගෙ සුදුමාත්තයට කවුද ඕව කිව්වෙ? ”

    ” කීඅම්මා කිව්වෙ… එයා ගොදාක් .. දන්නවා අපාය!! ”

  ” අනේ මැනික.. එහෙම නෑ. අපේ හිත තමයි අපාය. අපිට වරදක් කරාම හිත රිදෙන්න පසුතැවෙන්න වෙනවමයි. ඒකෙන් ගැලවෙන්න අපිට බෑ.. ඒක ලෝදියට වඩා රිදෙනවා මැනික.. ඒ මානසික වේදනාව තමා අපාය. ”

    ” à·„à·‘..? ”

  ” හොද වැඩක් කරාම පපුව සතූටින් පිරෙනවා මොනර පැටියො.. අනිත් අය අපි නිසා සතුටු වෙද්දි හිතට කොච්චර සතුටුද.. ඒක තමා දිව්‍යලෝකෙ.. ” මම නැවිල කොල්ලව උස්සල තුරුල් කරන් කිව්වෙ අයියගෙ මූණ දිහත් බලලා.. අයියා හිනාවුණා.. කොල්ලට නොපෙනෙන්න මගෙ තොල් උඩ තොල් තිව්වෙ දැන් අවසරත් ඕන්නෑ වගේ..

   ” එතකොත…. මං තූබි බබාලත කෝතු දුන්නම.. මත තාත්තිකුක්කු ඇතුලෙ ආඩලේ තියෙන එකද… තිවියලෝකෙ..? ”

    අයියා මගෙ දිහා බැලුවෙ ඒ කිව්වෙ මොන කුනුහබ්බයක්ද නොතේරිච්ච් හින්දා.. මට හිනා ගියෙ ඒ බැල්මට..

     ” එයා කූබින්ට කෝතු දුන්නම පපුවට දැනෙන එකද දිව්‍යලෝකෙ කියල ඔය අහන්නෙ.. ”

     ” මගෙ මායූර්.. කූබි බබාලට කෝතුත් දෙනවද?? ”

    ” තෝතු ඩොකාලියක් දීල තියෙනවා…  ”

   මේව බොරු නෙවෙයි.. බිත්තිවල යන කූඹින්ගෙ පාරවල් දිග ගිහින් බෝඩිමේ ඉද්දිනුත් කොල්ලා උන් පැතලි පොලවකට ආව තැන්වල බිස්කට් කෑලි කඩ කඩා තිව්වෙ පිනක් පවක් දැනගෙන නෙවෙයි.. ඒ හිත ආදරෙන් පිරිල තිබ්බ හින්දා.. මං ඒවට බනින්න කරන්න නොගියෙත් ඒකයි. කොල්ලා නිදාගත්තම බිස්කට් කෑලි අහුලල විසිකරා මිසක්.. දරුවට ඒ වැඩේට බාධා නොකර හිටියා මම.. වෙන ළමයි වගේ බිම ඉන්න කූඹි පොඩි කරනවා අඹරනවා වෙනුවට..මගෙ මොනර පැටියා ඒ ඇහැට නොපෙනෙන සත්තුන්ටත් කිසිම හේතුවක් නැතුවම ආදරේ දෙන පින්වන්ත මැනිකක් කියන ආඩම්බරේ මේ පපුවෙ පිරුණ රැයවල් තිබුණා..

    දෙන්නා මල් කඩලා ගිහින් බුදු කුටිය සුද්ධ කරලා මල් පහන් ලෑස්ති කරද්දි… නිතර පන්සිල් නොගත්ත මටත් ආස  හිතුනා මේ දෙන්නට එකතු වෙන්න..

   අයියට ඕන වුණේ පුතාට මේව හුරු කරන්න. මොකද අයියා හැමදාම හවසට පන්සිල් හරි අරගත්තා.. ඉස්සර නැතත් දැන් එහෙම හුරුවක් අයියා හදාගෙන තිබුණා..

        ” මත තතුන්කීරි පත්තු කලන්නෝන! à·„à·„à·Š..! ”

    ” නෑ නෑ.. පුංචි ළමයින්ට ගින්දර එක්ක සෙල්ලම් ඕන්නෑ.. ”

   අයියා අඩන්න ලෑස්ති වුනත් කොල්ලට සරෙන්ඩ වුණේ නෑ.. කොල්ලා එහෙම්ම කදුලු වාවගෙන අයියා අල්ලපු මල් වට්ටියට අත ගහලා…. අත් නලලෙ තියලා කොන්දත් නවලයි වැන්දෙ..

   ” තාතු තාතු තා… තු! ”

      ” මගෙ පුතා.. තාත්ති.. දෙන්නම මං කිව්වට පස්සෙ එකට ලස්සනට ගාථා කියල පන්සිල් ගන්නෝන.. තේරුනානෙ? ”

    ” තේතුලා!.! ”

   කොල්ලා බිම බඩාගාගෙන පසඟ පිහිටුවලා වැදගත්තා.. මං පැත්තක ඉදගත්තෙ මේ හුරතල් විගඩම දිහා බල බල හිනා නොවී ඉන්න තොලත් කාගන්න ගමන් දෝත් මුදුන් දීගෙන.

   ” තෙරුණා අප්පච්චි.. තේරුණා.. ”

” ……………… මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමී… ”

   ” මුතාවාතා වේරමනී.. තික්සාදපං තමාදි හාමී!… ”

    ” සුරාමේරය මජ්ජපමාදට්ටානා- ”

    ” අනේ ඒක බෑ හරිද?!.. ”

     ” අයියෝ මගෙ පුතා! ” අයියා මැද්දෙන් කෑගැව්වම මටත් බකස් ගාල හිනා ගියා. පන්සිල් එතනින් එච්චරයි. අයියා මට රවාගෙන නැගිටල එද්දි මං මල් පහන් පූජා නොකරම නැගිටල දිව්වෙ මොනර ඇටෙත් නැගිටලා කෑගහගෙන මං පස්සෙන්ම දුවගෙන එද්දි.. එයා මේ අනුන්ගෙ ඒව මැද්දට පැනල දුවනවනෙ…

         වැදුණෙ ගේට්ටුවෙ බෙල් එක… අයියා මාවයි කොල්ලවයි පන්නන එක නවත්තල ගේට් එක ලඟට ගියෙ ඒකයි.

නැවත හමුවෙමු

🤍🦢

03.11.2024    22:41

ඊයෙත් දුන්නා.. අද ටිකක් ලියන්න හිතුනා…

මොනර බස තේරෙනවද දන්නෙත් නෑ  😂🖤

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |29 | light novel, ,

Comment

Leave a Reply

Chapter 33